ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ හදිසියේම පොලොන්නරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා අද හා මෙට දෙදින තුලදීම පොලොන්නරුවේ රැුදී සිටිනු ඇති බවද සදහන්ය.
මේ තත්වය මත නව සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීමේ සාකච්චා හෝ සිදු කරන බව කියන කැබිනට් මණ්ඩල සංශෝධනයද ගැටළුකාරි තත්වයට පත්ව ඇති බවද සදහන්ය.
මේ අතර ඊයේ දිනයේදී අමාත්‍යංශ ලේකම්වරු හමුවූ ජනපති පවසි සිටියේ රටතුළ තිබෙන දේශපාලන තත්ත්වය නොසලකා කිසිඳු පසුබෑමකින් තොරව සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙය යන ලෙසයි
මැතිවරණයකින් පසුව දේශපාලන කේන්ද්‍රයේ විවිධ වෙනස්කම් සිඳුවීම සාමාන්‍ය කරුණක් වන අතර එම දේශපාලන තත්ත්වයවන් නොසලකා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයන ලෙසද ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.
Comments
Post a Comment